රනිල් ආර්ථිකයට ගොඩ දැමූ බව ජවිපෙ පිළිගනී – ක්‍රමය තුළ බිහිවූ අග්‍රගන්‍යම පුද්ගලයා රනිල්

ආර්ථිකය කඩාගන වැටුන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ පැමිණ ආර්ථිකයට ගොඩ දැමූ බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් අතර ජේ.ආර්.ජයවර්ධනගෙන් පසුව මේ ක්‍රමය තුළ බිහිවූ අග්‍රගන්‍යම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභික අමාත්‍ය ලාල් කාන්ත සදහන් කළේය.

ගුණෙ අයියාගේ කාමරේ යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී මෙවැනි අදහස්ද ඔහු පළ කළේය.

අපිට ඕන පළවෙනි දේ තමයි අපි හොරකම් නොකර, දැන් ඉන්න රාජ්‍ය සේවයත් හොරකම් නොකර ජනතාවගේ බලාපොරොත්තුවට අනුව කටයුතු කිරීම. එක හොරු ඇල්ලීම නෙමෙයි අපි හොරකම් නොකර හරි විදියට වැඩ කරන එක තමයි එක. ඒ අතර හොරකම් කළා කියන එක තහවුරු කරන්න ඕන නීත්‍යානුකූල ක්‍රියාවලියකින් නේ. ඒක පැමිණිලි දාලා යන්න ඕන ක්‍රියාවලියක්. ලාල් කාන්තට බැයේ නීතිය ක්‍රීයාත්මක කරන්න. ඕකා ලෝක හොරෙක් කියලා කිව්වම අපි කියන්නේ පැමිණිල්ලක් දාන්න කියලා. හැබැයි පැමිණිල්ලක් දාන්න යන්නේ නෑ.

විපක්ෂයේ දේශපාලනයේදී මිනිස්සුන්ගේ ඕනම ප්‍රශ්ණයක් වෙනුවෙන් හිටගන්නවා. ඒක තමයි විපක්ෂයේ දේශපාලනය. ඊළගට බලය ගත්ාම එනවා ආණ්ඩුකරණය. ආණ්ඩුකරණයයි, විපක්ෂ කරනයයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. අපෙන් ඔයාලා ඉස්සර වගෙයි නෙවෙයි කියලා ඇහුවොත් මම ඔව් කියනවා. ඉස්සර විපක්ෂ කරණය, දැන් ආණ්ඩකුරණය. වෙනස්. ආණ්ඩුවට ආවට පස්සේ විපක්ෂය වගේ වෙන්න බෑනේ. ආණ්ඩුවට ආවට පස්සේ ආණ්ඩුව වගේ.

ආර්ථිකය කඩාගන වැටුන වෙලාවේ රනිල් ඇවිත්, රනිල් මේ සිස්ටම් එක ඇතුළේ කළමනාකරණයක් කළා. ඒක ඇත්ත. ඒකට ඒ මොහොතේ වෙන කවුරුවත් හිටියේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එතුමා දක්ෂයි, දේශපාලන කළමනාකරණයට. ආර්ථික කතාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කියන්න මොකක්වත් නෑ. ආර්ථික ක්‍රියාවලියේ, ඒකටම සෙට් වුන කෙනා තමයි. මේ සිස්ටම් එකේ නායකයා එයා. ජෙ.ආර් ජයවර්ධනගෙන් පස්සේ මේ සිස්ටම් එකේ බිහිවුන අග්‍රගන්‍යම මනුස්සයා එයා. චන්ද්‍රිකාත් නෙමෙයි. එයා ජනාධිපති වුනාට පස්සේ යම් කළමනාකරණයක් කළා. එහෙම යම් කළමනාකරණයක් තියෙද්දීනේ අපි බලයට එන්නේ. අපි අවිත් අයි.එම්. එෆ් ලයින් එකෙන් පිටට ගියේ නෑනේ. ඒකම තමයි මේ ගෙනියන්නේ.

අපි බලයට එන්න කලින් සජබ සහ තවත් අය හිතාගෙන හිටියා අපි අයි.එම්.එෆ් එකෙන් එලියට ඒවි කියලා. ඒක නිසානේ ඒ අය මාස හයක්වත් දුවන එකක් නෑ කියලා කිව්වේ. අපි සමහර දේවල් වෙනස් කරගත්තා. රනිල්ගේ ප්‍රෝග්‍රෑම් එක හැටියට ලක්ෂ අටක් අස්වැසුමෙන් එළියට වැටෙන්න තිබුණා. හැබැයි අපි අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරලා ඒක වෙනස් කරගත්තා. ඒ අය එළියට දාන්න ඒ පවුල්වල ආර්ථික වර්ධනයක් වුනේ නෑනේ. අපේ දේශපාලනයේ පරිනත නැති කමේ ප්‍රශ්ණ තියෙනවා. ඉන්දියාවේ අගමැතිතුමා දඹුල්ලේ විවෘත කරපු ශීතාගාරය අපි හදපු එකක් නෙමෙයිනේ. මේක ඉස්සරට අරගෙන යන්න ඕන දන්. ඔය පුහ් ගානකොට වෙන දේවල් නෑනේ.

වෙළෙන්දා, ව්‍යාපාරිකයා අපි නමක් කියමු, ඩඩ්ලි සිරිසේන මහත්තතාය නැති බංගස්ථානවෙලා ගියොත්, රත්නලා වී ගත්තේ නැතොත් මලකෙලියක් වෙන්නේ. අපිට ගබඩා නෑ. ඒ තාක්ෂණයත් නෑ. ඒ අයත් ලොකු සේවයක් කරනවා. ඒ අයත් ඉන්න ඕන. ගොවියා වෙනුවෙන් ඒ අය කරපු දෙයක් තියෙනවානේ. ඒක පිලින්න ඕන. පද්ගලික අංශයේ වී ව්‍යාපාර නැති කරලා, රජයෙන් විතරක් වී ගන්න එකක් අපිට නෑ.

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු අතරින් වැඩියෙන් ඉන්නේ එන්.පී.පී. අන්තර්ගතය සහිතව ආපු අය. කිව්වට පිළිගන්න තාම අපේ මන්ත්‍රී කණ්ඩායමේ ඉන්නවා, මට සැකයි සජිත්ලාගේ කවුරුහරිද අපේ කවරු හරිද කියලා මට සැකයි. අදුනන්නේ නෑ. ඇයි මේක ආවනේ 159ක්. ඇත්තටම සමහරු මම වේදිකාවකවත් දැකලා නෑ. එහෙම හයිලයිට් වෙච්ච සමහර අය නෑ. ඇවිත් තියෙනවා. අහන්නත් බෑ මල්ලි සහහෝදරයා අපේ පක්ෂයේද කියලා. එතකොට මේ ඉන්න වැඩි හරියක් එන්.පී.පී. දේශපාලනයත් සම්බන්ධ අය.

අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තියෙනවා. කැබිනට් එක තියෙනවා. එතැන එන්.පී.පී. ඉන්නවා. හැම මාසෙකම එන්.පී.පී. විධායක සභාවක් රැස්වෙනවා. දිස්ත්‍රීක්වල විධායක සභාවල ඉන්න බහුතරය එන්.පී.පී.