රනිල් අත්අඩංගුවට ගැනීම ගැන සජිත් කට අරී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ.

මේ වන විට සිංගප්පූරුවේ පුද්ගලික සංචාරයක යෙදී සිටින සජිත් ප්‍රේමදාස සිය එක්ස් ගිණුමේ මේ සම්බන්ධයෙන් වන තමන්ගේ අදහස ඉදිරිපත් කර තිබේ.

ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩය මෙසේය.

YouTube කරුවෙකු විසින් හිටපු ජනාධිපතිවරයෙකුගේ අත්අඩංගුවට ගැනීම සිදුවීමටත් පෙර පුරෝකථනය කිරීම? එය හුදු අහම්බයක් විය නොහැකිය, එය සැලසුම්ගත සිදුවීමක් විය හැකිද? එය සත්‍යයක් නම්, නීතිය සහ සාමය වැනි උතුම් දෙයක් ලාභදායක නාට්‍ය සංදර්ශනයක් බවට පත්වන එම දිනය කණගාටුදායක දිනයකි.