අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ජනතා විමුක්ති පෙරමුණු නීති කමිටුවේ – නන්දන ගුණතිලකගෙන් අනාවරණයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ සාමාජිකයෙක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙක් වූ නන්දන ගුණතිලක අනාවරණය කළේය.

රූපවාහිනී මාධ්‍ය නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වන ඔහු මෙසේද පැවසුවේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මේක විසදා ගන්න බෑ. මම කැදවපු නීති කමිටුවේ හිටපු කෙනෙක් තමයි අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්. පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදියට මට තමයි නීති අංශය පැවරිලා තිබුණේ. නීති අංශයේ ලේකම් විදියට දැම්මේ වටගල. සාමාජිකයෙක් තමයි රංග දිසානායක.

මම ගෙනියන්න කියන්න ඕනම තැනකට. මම ළග තියෙනවා අත්සන් ලේඛන. පුලුවන්නම් ගෙනියන්න කියන්න. එහෙම මිනිස්සු දාගත්තේ ඇයි? මේවා යට ගහන්න. දැන් මේවා ඇදෙනවානේ. දූෂණ විරෝධී පනත යටතේ මේවා එළියට එනවා කියලා දන්නවානේ. ඒක නිසා රවිලා, ශානිලා රංගලා, කස්ටම් එකට කෙනෙක් දාගත්තානේ. මේ සේරම දාගත්තේ වහගන්න.