අද ප්‍රදේශ කිහිපයකට තද සුළං සමගින් වැසි

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් දක්වා තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!