තමන් හරියටම කරුණු දන්නේ ආණ්ඩුවට පැමිණි පසුව බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක මහින්ද ජයසිංහ මහතා පවසනවා.
රුපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
“තෙල් මිල සූත්‍රයට පිටින් ගිහින් අඩු කළා නම් ආණ්ඩුව ඒ මුදල සමාගම්වලට ගෙවිය යුතුයි.
එන්න ඉස්සෙල්ල අපි කිව්වා තමයි. හැබැයි ආණ්ඩුවට ආවට පස්සේ තමයි අපි මේකේ අභ්‍යන්තරය දන්නේ.
වෙන කාගෙවත් සාක්කුවට යන්නේ නැද්ද ? යනුවෙන් එහිදී වැඩසටහනට එක්වූ සමගි ජන බලවේගයේ අපේක්ෂක ධනංජය නාරංබැද්ද මහතා විමසා සිටියා.
” කාගෙවත් සාක්කුවට යන්නේ නෑ කාගේ සාක්කුවට යන්නද ” යනුවෙන් මහින්ද ජයසිංහ මහතා එහිදී සඳහන් කළා.
ජනාධිපතිවරණයේ දී සාක්කුවට යන කතාවක් ඔබගේ පක්ෂය කිව්වා නේද යන්න එහිදී ධනංජය නාරංබැද්ද පෙරළා ප්‍රශ්න කර සිටියා