තමන්ට පහර දීමට පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් තාක්ෂණයෙන් විනාශ කිරීමට ඊශ්‍රායලය සූදානම් වේ. “අයන් බිම්” නැමැති ලේසර් ගුවන් ආරක්ෂණ පද්ධතිය වසරක් තුළ ස්ථාපිත කිරීමට ඊශ්‍රායලය බලාපොරොත්තු වන බවද පැවැසෙයි.
අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියේ නිර්මාණකරුවන් වන රෆායෙල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම්ස් සහ ආරක්ෂක කොන්ත්‍රාත් සමාගමක් වන එල්බිට් සිස්ටම්ස් සමග ඊශ්‍රායල් රජය එම ලේසර් ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා ගනුදෙනු පසුගිය සතියේදී කර ඇත.
ඊශ්‍රායල ගුවන් සීමාවට පැමිණෙන ගුවන් යානා සහ මිසයිල විනාශ කර දැමීමට “අයන් බිම්” පද්ධතිය අධිබලැති ලේසර් භාවිත කරන බවද පැවැසෙයි. “අයන් බීම්” යුද්ධයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් එයාල් සමීර් නව ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලය ප්‍රථම වරට “අයන් බීම්” පද්ධතියේ මූලාකෘතියක් 2021 වසරේදී එළිදැක්වූ අතර එතැන් සිට එම පද්ධතිය මෙහෙයුම් තත්වයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටී.