ඇමරිකානු තානාපතිනි ජුලි චං අද උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගොස් තිබේ.
මීට පෙර පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයටත්, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මූලස්ථානයටත් පැමිණි ඇය අද මෙසේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ ඇත.
ඇමරිකාන තානාපතිනිය එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, සහ පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ සමග සාකච්ඡා පවත්වා තිබේ. එම සාකච්ඡාව පැයකට වඩා වැඩි කාලයක් පවත්වා තිබේ.
මේ වන විට රටේ පවතින දේශපාලන තත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබදව ඇය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවද පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.
එම සාකච්ඡාවෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ විවිධ ස්ථාන නැරඹීමටද ඇය ගොස් තිබේ.