ගනේමුල්ල සංජීවගේ ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරු පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන්නේ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පර්ශ්වයෙන්ම බවට වාර්තා පළ වෙමින් තිබෙනවා.
ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවුයේ ඒ අනුව බවටයි එම වාර්තා මගින් කියවෙන්නේ.
රුපියල් ලක්ෂ 150ක මුදලකට ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇතත් මෙම ඝාතකයාට ලබාදී ඇත්තේ ඉන් ලක්ෂ දෙකක් පමණක් වන අතර ඉතිරි මුදල නොගෙවා ඔහු ගැන තොරතුරු ආරක්ෂක අංශ වෙත ලැබීමට සලස්වා ඇති බවයි තහවුරු නොකල ආරංචි මාර්ග කියා සිටියේ.
එම වෙඩික්කරු අනාවරණය කරන ලද තොරතුරු පහතින් නැරඹිය හැකියි.