ලසන්ත , තාජුඩීන් සහ එක්නැලිගොඩ යළි නැගිටී

පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි.

ලසන්ත වික්‍රමසිංහ සහ වසීම් තාජුඩීන් ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල සියල්ලු තොරතුරු එළියට ගන්නා බවද ඔහු සඳහන් කරයි.

දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණ මතුකර ගැනීමට ජනාධිපති පොලිසියට බලය පවරා ඇති බවද ඔහු කියා සිටී.

මෙම පරීක්ෂණ සිදු කිරීමේදී තොරතුරු සැඟවූ තැන් මතු කිරීමට පමාවක් සිදුවුවත් අදාළ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන බවද ඔහු කියා සිටී.