මැද පෙරදිග කළාපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගෙන දේශීය වෙළඳපොළේ ඉන්න්ධන බෙදාහැරීම QR කේත ක්‍රමය මත සිදුකිරීමට තීරණය කිරීම ඉතාමත් හොඳ තීරණයක් බව හිටපු අමාත්‍ය අලි සබ්රි පවසයි .
ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ පැවති ප්රවෘත්ති සාක්ච්ඡාවක් අමතමින්.
යම් කාලයක් සඳහා පාරිභෝජනය සංකෝචනය කළ යුතු බවත්, එහෙත් එම සංකෝචනය තුළින් ආර්ථිකය සංකෝචනය නොවීමට රජය වග බලාගත යුතු බවත්, ඔහු එහිදී පැවසීය .
රජයෙන් ලබාදී ඇති බදාදා නිවාඩු දිනයට තමා එතරම් කැමැත්තක් නොදක්වන බවත්, රජකාරී කටයුතු සතිය මැද දිනයක නැවැතීමෙන් සතිය තුළ සිදුකළ යුතු වැඩ කොටසට යම් බාධාවක් ඇතිවිය හැකි බැවින් එම තීරණය නැවත සලකා බැලිය යුතු බව ඔහු පැවසීය .