සෙල්ලම් බෑ – කුඩු ගහලා බස් පදවන රියැදුරන් හොයයි..අතටම පිරිසක් අල්ලා ගනී

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ සිදු කෙරෙන රථවාහන පරීක්ෂා කිරීම්වලදී රථවාහන වැරැදි සඳහා දිවයිනේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයඹ පළාතෙන් බව අනාවරණය වේ.

එම මෙහෙයුමේදී ගෙවී ගිය දින තුනක කාලයකදී පමණක් බීමත් රියැදුරන් 500කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කළේය.

මින් වැඩිම පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන අතර සාමාන්‍ය රථවාහන සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

බීමතින් රථවාහන පදවන්නන්ට අමතරව මත්ද්‍රව්‍ය පානය කර බස් රථ සහ ලොරි රථ පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා වෙනම සෝදිසි මෙහෙයුමක් ද වයඹ පළාත තුළ මේ වනවිට අඛණ්ඩව ක්‍රියාවට නංවා තිබේ.