ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් පල්සර් මෝටර් සයිකල් මාදිළි 03ක්

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රවාහන මාධ්‍ය සැපයුම්කරු ලෙස වසර 40ක විශ්වාසය සහිත මෙරට විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා බජාජ් පල්සර් මෝටර් සයිකල් මාදිළි 04ක්ක මෙරට වෙළෙද පොළට හදුන්වාදෙන ලදී, පල්සර් N125, පල්සර් N160 Premium සහ පල්සර් NS200 USD මෝටර් සයිකල් මෙරට වෙළෙද පොළට එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණු අතර එය ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරට පැවැත්වුණු විශාලතම මෝටර් සයිකල් එළිදැක්වීමේ අවස්ථාව ලෙස හැදින්විය හැකිය.

නවීන තාක්ෂණය, උපරිම ආරක්ෂාව සහ ඉහළම ක්‍රියාකාරිත්වය සහිත මෙම මෝටර් සයිකල් මාදිළි ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් වනු ඇත. පල්සර් N125 හැරුණු කොට මෙම සියලු මාදිළි ABS බ්‍රේක් පද්ධතියකින් සමන්විත වන අතර upside-down ඉදිරිපස ෂොක් ඇබ්සෝබර්ස් හරහා උපරිම සුවපහසුවක් මෙන්ම ආරක්ෂාවක් තහවුරු කරනු ලබයි. ඒ අනුව මෙම කාණ්ඩයේ හොදම යතුරු පැදි එකතුව ලෙස මෙම මාදිළි හැදින්විය හැකිය.

ලෝකය පුරා එහි නිමැවුම, බලය සහ ක්‍රියාකාරිත්වය අතින් සුප්‍රසිද්ධියට පත්වී ඇති පල්සර් මෝටර් සයිකල් තාරුණ්‍යයේ ජීවන රටාවට ගැළපෙන පරිදි විශේෂයෙන් නිර්මාණය වී ඇති අතර මෙරට මෝටර් සයිකල් ධාවකයින්ට සුවිශේෂී අත්දැකීමක් ගෙන දෙන මෝටර් සයිකලයක් ලෙස හැදින්විය හැකිය. 

මේ පිළිබදව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් ප්‍රධාන නිළධාරී – වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය. ආනයන සීමා පැවැති වකවානුව තුළ පවා කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වාදුන් දේශීය අගය එකතු කළ වැඩසටහන යටතේ පළමු වරට මෙරටට මෝටර් සයිකල් හදුන්වාදුන් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ඒ යටතේ බජාජ් CT100, ඩිස්කවර් 125 සහ පල්සර් N160 මෝටර් සයිකල් ත්‍රිත්තවය පසුගිය වසර 03 මුළුල්ලේ මෙරට වෙළෙද පොළට නිකුත් කළා. දැන් ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් මෙරට වාහන ක්ෂේත්‍රය තුළ නැගී සිටීමක් අපි දකින අතර මෝටර් සයිකල් සදහා එය සුවිශේෂීයි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි දේශීය අගය එකතු කළ වැඩසටහන යටතේ මෙන්ම මෝටර් සයිකල් ආනයනය කර අලෙවි කිරීමේදීද ඉදිරියෙන්ම සිටිනවා.”

කවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වන අතරම ජනතාවට දරාගත හැකි, පරිසර හිතකාමී සහ ගෙවන මුදලට වටිනාකමක් ලබාදෙන බජාජ් Chetak විද්‍යුත් ස්කූටරය මෙන්ම බජාජ් විද්‍යුත් ත්‍රිරෝද රථය වැනි නව මාදිළි ඉදිරියේදී මෙරටට හදුන්වා දෙන බවයි.

මෙරට වෙළෙද පොළට හදුන්වාදුන් පල්සර් මෝටර් සයිකල් දැන් දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම 200කට අධිකවූ ඩීලර්වරුන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

එසේම දිවයින පුරා පිහිටි 1300කට අධික ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සේවා සහ අමතර කොටස් ජාලය හරහා සමකළ නොහැකි අලෙවියෙන් පසු සේවාවද මෙරට බජාජ් පාරිභෝගිකයින්ට හිමිවන තවත් වාසියකි.