ඉතාලියේ පිහිටි මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්රිකට් ක්රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එම නගරයේ ජීවත්වන්නන්ගෙන් 30%ක් පමණ විදෙස් රටවලින් පැමිණි පිරිසක් වන අතර ඒ අයවලුන්ගේ බහුතරයද බංග්ලාදේශ ජාතිකයන් වනවා.
එම පිරිස 90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහායි පැමිණ ඇත්තේ.
එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බවයි.
කෙසේවෙතත් අදාළ නගරය තුළ ක්රිකට් ක්රීඩා කිරීමේ වරදට අසුවුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව යුරෝ 100ක් දක්වාවූ දඩ මුදලක් අය කරන බව වැඩිදුරටත් සඳහන් වනවා.