ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට අදාළ මංගල රැළිය අනුරාධපුර නගරයේදී අද (21) පැවැත්වීමට නියමිත බව සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසනවා.
ඒ මහාතා පවසන්නේ මෙම රැළිය අනුරාධපුර නගරයේ පැවැත්වීමට හැකි වීම පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයක් බවයි.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ,
“අද සවස 2ට අනුරාධපුර කඩපනහා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහි ජන රැලිය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙත ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව මහා ජන රැලිය සංවිධානය කරනවා. මෙම සමාරම්භක ජනරැලිය අනුරාධපුරය වෙත රැගෙන ඒම අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් ජනාධිපතිවරණ කැම්පේන් එක ඇතුළේත් ලබපු ජයග්‍රහණයක් විදියට අපි දකිනවා.” යනුවෙනි.