ජනපති රනිල්ගේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී මංගල රැළිය ඇරඹුණා ( LIVE )

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය මේ වන විට අනුරාධපුරයේ සල්දාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කර තිබෙනවා.

මේ රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසකින් සහාය දක්වන මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටිනවා.

උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක මහතා විසින් පිළිගැනීමේ කතාව සිදුකළා.

පසුව මංගල රැළිය ආරම්භ කරමින් පුළුවන් ශ්‍රී ලංකා දැවැන්ත සන්ධානය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා සභාව ආමන්ත්‍රණය කළා.

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ගරි කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා අදහස් දැක්වුවා.

මහා ජන ගඟ අමතමින් හිටපු මන්ත්‍රී පී හැරිසන් ,හරීන් ප්‍රනාන්දු , රාජිත සේනාරත්න,අලි සබ්රි යන මහත්වරුන් පසුව අදහස් දැක්වූවා.

ඔබට පහත සබැඳිය හරහා ගොස් එම රැළිය සජීවීව නැරඹිය හැකියි.

https://www.facebook.com/100093279355791/videos/1224969061964883