ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ තෙදින නිල සංචාරයකට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ තෙදින නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ද ජර්මානු සංචාරයට එක්වීමට නියමිතව ඇත.

මෙහිදී ජර්මානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, ලංකාවෙන් ජර්මනියට අපනයනය කරනු ලබන ඇගළුම් කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතව තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

ජර්මානු ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම ගැනද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.