විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර ඇති අතර ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඒ මහතා වෙත ලබා දී තිබේ.

මුඛ කර ගනිමින් විපක්ෂයේ මතය නිවැරදිව ඉදිරිපත් කිරීමටත් ජනතාවගේ ගැටළුවලට නිසි පිළිතුරු ලබා දීමටත්, විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමටත් කැපවී කටයුතු කරන බව ඒ මහතා පත්වීම ලබා ගැනීමෙන් පසු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.