පාප්වහන්සේ පැපුවානිව්ගිනියාවට

ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියානු සංචාරය අවසන් කරමින් පැපුවා නිව්ගිනියාවට පැමිණියා.

එරට ජනතාවගෙ පාප්තුමන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

වානිමෝ වෙරළාශ්‍රිත නගරයේදි එරට බලධාරින් විසින් පාප්තුමන්ව පිලිගනු ලැබුවේ එරට සාම්ප්‍රධායික ක්‍රමයටයි.

ඒ අනුව එරට සම්ප්‍රධායට අනුව පිහාටුවලින් සැකසු හිස් වැසුමක් පාප්තුමන්ට පළදවනු ලැබුවා.

පොර්ට් මෝස්බි නගරයේදි පාප්තුමාගේ මූලිකත්වයෙන් දේව මෙහෙයක්ද පැවැත්වූ අතර ඒ සඳහා 35000කට වැඩි පිරිසක්ද සම්බන්ධ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැපුවා නිව්ගිනියා සංචාරයෙන් පසු පාප් වහන්සේ නැගෙනහිර ටිමෝර් රාජ්‍යයේ සහ සිංගප්පූරුවේද සංචාරය කිරීමට නියමිතයි.