හොරණ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ ‘ප්‍රධාන සැකකරු’ වෙඩි කා නසී

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර පොලීසිය එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එලෙස මියගොස් ඇත්තේ ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුවන ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!