සාජන් මහත්තයා යුනිෆෝම් එකෙන් ම ස්පා ගිහිං

පොලිස් නිල ඇඳුමින් සැරසී අධිකරණයට යන අතරවාරයේ දී, සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඔහුගේ නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර තිබෙන පුවතක් වාර්තා වනවා.

මේ අයුරින් මුදා හැර ඇත්තේ, දොම්පෙ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.

යක්කල පොලිස් වසමේ, නුවර පාරේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා එහි රැඳී සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!