දියණියක් සහ ඇගේ මව සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි

අතුරුදන් වූ කාන්තාවක් සහ දියණියක් සොයාගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් පොලීසිය පවසන්නේ පසුගිය මැයි මස 29 වනදා සිට තම බිරිඳ සහ දියණිය අතුරුදන් බවට ඇයගේ සැමියා විසින් කටුනායක පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව හා එම කාන්තාව සහ දියණිය පිළිබඳව තොරතුරක් ඇතිනම් කඩිනමින් දැනුම්දෙන ලෙසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වන යසෝධා හංසනී කහතුඩුවආරච්චි කාන්තාවක් සහ වයස අවුරුදු 04ක ඇයගේ කුඩා දියණියකය.

ඒ අනුව එම කාන්තාව සහ දියණිය පිළිබඳව තොරතුරක් තිබේ නම් 071-859 1639 (ස්ථානාධිපති කටුනායක) හෝ 011-225 2222 (කටුනායක පොලිස් ස්ථානය) යන අංක වෙත දැනුම්දීමක් සිදුකරන ලෙසටයි.

අදාළ නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!