කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද ඇතුළු පාතාල කල්ලි නායකයින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමට අදාල වීඩියෝ පටයක් මේ වන විට යූ ටියුබ් අවකාශයට නිකුත් වී තිබේ. එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ඉන්දුනීසියානු පොලිස් නිලදාරියෙක් විසිනි.
මෙම වීඩියෝවේ සිටින කොන්ඩය වවාගත් පොලිස් නිලධාරියා එම මෙහෙයුමට නායකත්වය ලබාදී ඇති අතර ඔහු විසින් එම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
මෙම පොලිස් නිලධාරියා නමින් Aiptu Zakaria වේ. එහෙත් ඔහු ඉන්දුනිසියාව තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ Jacklyn Choppers නමිනි. ඒ පොලිස් මෙහෙයුම්වලට සහභාගී වන විට එම මෙහෙයුම් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන නිසාය.
ඔහු යූ ටියුබ් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලා තුළ අතිශයින් ජනප්‍රිය අයෙකි. ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව පහතින් දැක්වේ.
https://www.instagram.com/jacklyn_choppers/?hl=en
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් වීිඩියෝව පහතින් නැරඹිය හැකිය.