PHI ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි 26 වැනිදා ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඝාතනය කළ සිදුවීමට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරයි.

ජීවිතක්ෂයට පත්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 51ක්.

පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා මෙම අපරාධය සිදුකර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!