මෙරට තුළ STARLINK සේවා සැපයීමට අවසර

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා ඉලෝන් මස්ක්ට අයත් ලොව ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල සමාගමක් වන STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි.