මහවැසි නිසා පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 34,492ක පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව යි වර්තා වන්නෙ.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 240කට අර්ධ හානි සිදුවී තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව අති බවටයි වාර්තා වන්නේ.