‘ප්‍රභූ’ මරන්න කොන්ත්‍රාත්තුව පලනිගේ.. වෙඩික්කරුවන් කංජිපානිගේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය අවට භීතියට පත් කරමින් ඥානරතන මාවතේ දී දෙනෝදාහක් දෙනා බලා සිටියදී පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ටී 56 අවියකින් වෙඩි තබා ‘ප්‍රභූ’ නමැති පුද්ගලයකු ඝාතනය කර තවත් අයකුට (පාරේ ගිය අයකුට) බරපතළ තුවාල කර ඇත්තේ පාතාල කල්ලි නායක පලනි රිමෝෂන්ගේ මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.