පාඨලීගේ නඩුව කල් තබයි

රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

2016 වසරේ පෙබරවාරි 28 වනදා මෙම අනතුර සිදුවුණා.

ඒ අනුව 2025 පෙබරවාරි මස 28 වන දා දක්වා එම නඩුව කල් තැබුණා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේ දී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබුණේ.

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා කැඳවන ලෙස නියෝග කළා.