ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉමාල් ප්‍රදීප් ගුණවර්ධන මහතා හොර රහසේ මාරු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කල ඉල්ලිම ඔවුන් විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කළ පසු , කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම නිලධාරියා ආගමන විගමන දේපාර්තමෙන්තුව ඩිජිටල් කරණය කිරිම සදහා නායකත්වය සැපයු හා එහි සිදුවන වංචා හා දුෂණ පිටුදැකීමට සටන් කළ නිලධාරියෙකු වේ.
එහෙත් වර්තමාන රජය විසින් වැඩබලන ආගමන විගමන පාලකවරිය ලෙස ඉහත නිලධාරියාටත් වඩා අඩු සේවා කාලයක් සහ අත්දැකීම් අඩු නිලුශා බාලසූරිය මහත්මිය පත්කලා අතර, ඇය පත්වූ දා සිට ආයතනයේ පරිපාලන බිදවැටුනු බවටයි චෝදනා එල්ල වන්නේ.
අවශ්‍ය තරම් පාස්පෝට් තොග ලැබී තිබියදී පවා පාස්පෝට් නිකුත් කිරීම සිමා කිරිමට ගොස්, ඒ තුලින් නිමනොවන පාස්පෝට් අර්බුදයක් ඇති කොට ඇත. දැනට ඇයගේ උපදෙස් මත පැය 24 සේවාවක් ආරම්භ කොට ඇති අතර, එම සේවාවද මනා සැලසුමකින් හා කලමණාකරයකින් ලබාදීමට අසමත් වී ඇති හෙයින් ජනතාව මහත් අපහසුතාවයකට පත්ව ඇත.
එයට හේතුව වී ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව කලමණාකරනයට වඩා ඇයගේ ප්‍රමුඛතාව වී ඇත්තේ වැඩබලන පත්විම ස්තිරස්ථිර පත්විමක් බවට පත්කර ගැනීමයි, එයට ප්‍රධාන බාධවක් ලෙස ඇය දකින ඉමල් ප්‍රදීප් ගුණවර්ධන මහතා මාරු කිරිමට, අමාත්‍යවරයා හා ලේකම්වරයාද නොමග යවමින් දෑරු උත්සාහය අසාර්ථක විම පිලිබද, දේපාර්තමේන්තූ සේවකයින් සතුට පලකර සිටිනවා.
