දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500 දක්වා ඉහළ නැංවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට තීරණය කර ඇත.
දැනට දිනකට නිකුත් කරනු ලබන්නේ විදේශ ගමන් බලපත්‍ර 1200ක් පමණි.
මේ වන විට එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා දිනයක් වෙන් කරගැනීමේදී මාස හතරකට අධික කාලයක් බලා සිටීමට සිදුවේ. අද දිනයේදී එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලාබගැනීමට අවශ්‍ය නම් කොළඹ කාර්යාලයේදී ලැබෙන්නේ ජුනි මාසයේ දිනයක්ය. මහනුවර ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ මාතර ප්‍රාදේශිය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගන්නේ නම් ජූලි මාසය දක්වා බලා සිටීමට සිදුවේ.
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ඇති ප්‍රමාදය නිසා විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ද අපහසුතාවයට පත්ව සිටී. මේ නිසා විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි බවට විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවෝ ශ්‍රී ලංකා නිව්ස් වෙත පැවසූහ.