විදුලි සේවකයින් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ගෙන තිබෙන අද දිනයේදී පාර්ලිමේන්තුවේ විදුලි සැපයුම විටින් විට අවස්ථා කිහිපයකදීම බිද වැටී තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් සිටින සභා ගර්භයට විදුලිය සැපයීම බිද නොවැටුන නමුත් පාර්ලිමේන්තු සංකීර්ණයේ අනෙකුත් ස්ථානවලට විදුලිය සැපයීම මේ ආකරයට බිද වැටී තිබුණි. මේ නිසා පාර්ලිමේන්තුවේ අනෙකුත් අංශවල වැඩ කටයුතුවලට බාධා සිදුවූ බවද පාර්ලිමේන්තුවේ සේවය කරන පිරිස් ශ්රී ලංකා නිව්ස් වෙත පැවසූහ.