පැරා ඔලිම්පික් උළෙල හෙට සිට – ශ්‍රී ලංකාවේ පළමු පිම්ම 29වැනිදා

මෙවර පැරාඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැවිස් නුවරදී හෙට (28) ආරම්භ වීමට නියමිතව ඇති අතර, මේ සඳහා 8 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිලක් පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සමිත දුලාන් (F44 හෙල්ල විසිකිරීම) නුවන් ඉන්දික (T44 මීටර 100) ,පාලිත බණ්ඩාර (F42 යගුලිය),අනිල් ප්‍රසන්න ජයලත් (T42 මීටර 100), ප්‍රදීප් සෝමසිරි (T46 මීටර 1500), සුරේෂ් ධර්මසේන (රෝද පුටු හිස්), නවීඩ් රෂීඩ් (S9 පිහිනුම්) සහ ජනති ධනංජනා (T47 දුර පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට එක්වන පළමු ක්‍රීඩකයා බවට නවීඩ් රෂීඩ් පත්ව ඇති අතර, ඔහු ශ්‍රී ලංකා වේලාවෙන් 29 වැනිදා පස්වරු 1.00ට මීටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට ඉදිරිපත් වීමට නියතව තිබෙනවා.

ඉන් අනතුරුව සුරේෂ් ධර්මසේන ශ්‍රී ලංකා වේලාවෙන් 30 වැනිදා පස්වරුවේදී රෝද පුටු ටෙනිස් තරග බිමට පිවිසෙන අතර, බොහෝ දෙනකු බලාපොරොත්තු තබා ඇති මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට නියමිතව ඇත්තේ එදින රාත්‍රීයෙදීමයි.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව තරග බිමට එක්වීමට නියමිතව ඇත්තේ නුවන් ප්‍රසන්නයි.

එහිදී නුවන් ප්‍රසන්න 31 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.50ට පමණ T44 අංශයෙන් මීටර් 100 ඉසව්වේ පළමු මූලික තරගයට එක්වන අතර, ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තුවක් තබා ඇති සමිත දුලාන් සැප්තැම්බර් 2 වැනිදා හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක්වීමට නියමිතයි.

මීටර් 66.49ක දුරක් සහිතව මෙම වසරේදී මැයි මාසයේදී මෙම ඉසව්වේ ලෝක වාර්තාවේ වත්මන් හිමිකරු බවට පත්ව ඇති සමිත දුලාගේ සැප්තැම්බර් 20 ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් පිරියේදී ඔහුගේ මෙහෙයුමට එක්වනවා.

එසේම ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා පස්වරුවේදී 147 කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ජනනි ධනංජනා ඉදිරිපත් වනවා.