සමරිසි පනත් කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විරෝධය

යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බව එම ලිපියේ දැක්වෙනවා.

පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්හාස දරන්නේ නම් එය රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇති බව එම ලිපිය තුලින් පෙන්වා දී තිබෙනවා.

අදාළ ලිපිය තුලින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වැඩි විස්තර පහතින්,