ඔන්මැක්ස් ඩී. ටී. පිරමීඩ ජාවාරමට හසු වූ විශාල පිරිසක් අතරින් පැමිණිලි 13,000 කට අධික ප්‍රමාණයක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද දන්වා සිටියා.
නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මගින් සියලු පොලිස් ස්ථාන වෙත යොමු කරන ලද විශේෂ පැමිණිලි ආකෘති පත්රයකට අනුව ඔන්මැක්ස් වංචාවට හසු වූ පුද්ගලයන් එලෙස පැමිණිලි ඉදිපත් කර තිබූ බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට පැවසුවා.