වෙඩි වැදීමකින් එක් අයෙක් රෝහලට

පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා.

වෙඩි වැදුණු පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලැබුණු තොරතුරක් මත පොළොන්නරුව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් වනවා.

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙනුත් පොලීසිය සැකකරනු ලබනවා.

කෙසේවෙතත් පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.