අද (16) අලුයම එල්ලකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
අදාළ වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.
මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.