එක්තරා පෞද්ගලික නාලිකාවක් මීගමුව, කටුනායක ප්‍රදේශයේ මීට කලකට පෙරදී වාහන පරීක්ෂා කරන වීඩියෝවක් නැවත සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.
මෙම වීඩියෝව දැකීමෙන් ජනතාව කලබලයට පත්ව ඒ පිළිබඳව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් විමසීම් සිදුකරන බව වාර්තා වනවා.
එම නිසා මේ වන විට අදාළ පොලිස් නිලධාරිනුත් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
කෙසේනමුත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද නිවේදනය කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින බවයි.
එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ දර්ශන පළ කරනු ලැබුවහොත් එවැනි අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කළේ.
ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,