අද රාත්රි 12.00ට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 344.00 ක්ව පැවති ලංකා පෙට්රල් 92 ඔක්ටේන් මිළ රුපියල් 12.00කින් පහත දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 332.00 ක්.
රුපියල් 379.00ක්ව පැවති ලංකා පෙට්රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයෙ පෙට්රල් ලීටරයක් රුපියල් 02.00කින් පහත දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 377.00 ක්.
රුපියල් 317ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල්ල වන්නේ රුපියල් 307.00ක්.
රුපියල් 355.00ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 03.00කින් පහත දමා ඇති අටහ්ර එහි නව මිල වන්නේ රුපියල් 352.00ක්.
මේ අතරලංකා අයි.ඕ.සී සමාගමද මේ හා සමාන මිල ගණන් යටතේ තෙල් මිළ පහත දමා තිබෙනවා.
කෙසේ නමුත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.