O/L විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධනයක් සිදු කිරීමට තවමත් කල් ඇත

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශ පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් Online මගින් එම සංශෝධන සිදු කිරීමේ කාලය මේ වනවිට අවසන්ව ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේය.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වැනිදා ආරම්භ වන අතර, කිසිදු කරුණක් මුල් කරගනිමින් සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *