නුවන් තුෂාරත් T – 20 තරගාවලියෙන් විසිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වන නුවන් තුෂාරගේ ඇඟිල්ලක් ආබාධයකට ලක් වී ඇති බව වාර්තා වනවා.

ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පන්දු රැකීමේ පුහුණුවීම්වල නිරත වන අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉන්දීයාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියෙන් නුවන් තුෂාර ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුෂංඛ කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලැසුම් කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ද මෙම සංචිතයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවා තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!