රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඡන්දය සලකුණු කිරීමට නිවාඩු ලබා දීම ගැන නිවේදනයක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් වූ නිවේදනයක් මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ පුද්ගලයින්ට ඡන්ද වීමසීම්වලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන පිණිසයි.

ඒ අනුව රාජ්‍ය සේවයේ රැකියාවේ නියුතුවූවන්ට ඡන්දය සලකුණු කිරීම සඳහා නිවාඩු දීමේ අවම පැය 04ක් ලෙසද ,ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැගෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩු කිරීමක් නොමැතිව විශේෂ නිවාඩු ලබා ගත හැකියි.

එසේම පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ඡන්දය සලකුණු කිරීම සඳහා නිවාඩු ලබා දීමේදී ,
40 km හෝ ඊට අඩු නම් – දින භාගයයි
40 kmත් 100 kmත් අතර නම් – දින එකයි
100 kmත් 150 kmත් අතර නම් – දින එකයි, භාගයයි
150 kmට වැඩි නම් – දින දෙකයි ලෙස අවස්ථාවෝචිතව දින 3ක් දක්වා නිවාඩු ලබා දිය හැකි වනවා.

වැඩි විස්තර පහතින්,