බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර කවුළු වැසීමක් ගැන දැනුම්දීමක්

එළැඹෙන 20වන සිකුරාදා දිනයේදී බස්නාහිර පළාතට අදාළව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුලු වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.

එසේම සැප්තැම්බර් මස 21වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු හේතුවෙන් නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගත බවයි එම කාර්යාලය පැවසුවේ.

යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුලු වසා තැබෙන 20වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුලු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසනවා.