ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහති නවමතම රුපියල් දෙදහසේ නෝට්ටුව මේ වන විට ජනතාවගේ අතට ලබාගැනීමේ අවස්ථාව හිමිව ඇත.
මෙම මුදල් නෝට්ටුව සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට ලබා නොදෙන බව මහ බැංකු ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකා නිව්ස් වෙත පැවසුවේය.
මෙම මුදල් නෝට්ටු කිසියම් අයෙක්ට ලබාගැනීමට අවශ්‍ය නම් තමන් ගනුදෙනු කරන බැංකුව වෙත ගොස් එම මුදල් නෝට්ටු මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බව එම ප්‍රකාශකයා සදහන් කළේය.
කෙසේ නමුත් වානිජ බැංකුවලින් පැවසුවේ මෙම නෝට්ටු ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් බැංකු වෙත ලැබී ඇති බවයි. තෝරාගත් බැංකු කිහිපයක ශාඛා කිහිපයක් වෙත මෙම නොට්ටු ලැබී තිබුණ අතර ඒවා මේ වන විට බැංකුව සතුව නොමැති බව එක් බැංකුවක ප්‍රකාශකයෙක් සදහන් කළේය.
කෙසේ නමුත් මෙම මුදල් නෝට්ටු ගණනය කිරීම සදහා බැංකුවල මුදල් ගණනය කිරීමේ යන්ත්‍ර සකස් කළ යුතුව තිබේ. කෙසේ වෙතත් මේ වන තෙක් එම යන්ත්‍රද ඒ සදහා සූදානම් කර නොමැති බව වැඩිදුරටත් අනාවරණය වේ.
නවතම රුපියල් දෙදහසේ මුදල් නෝට්ටුව පසුගියදා මහ බැංකුවේ අධිපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට පිළිගැන්වූවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හැත්තෑ පස්වැනි සමරුව වෙනුවෙන් මෙම මුදල් නෝට්ටුව නිකුත් කර තිබුණි.