බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසනවා.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරට ට පැමිණීමෙන් පසු පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.
ප්‍රංශයේ සිට පැමිණි 84 වන වියේ පසුවන යූනුස්, බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දීමට නියමිතයි.
බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගියා.
ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන් වනවා.