හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බව වාර්තා වනවා.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම සිද්ධිය පැහැදිලි කර ඇත්තේ මෙලෙසි.
” පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”