ආපදා හේතුවෙන් ඕමානයේ 18ක් මරුට – පාකිස්තානයේ 63ක් මරුට`

වසර 75 කින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තාවූ උපරිම වර්ෂාපතනය ලෙස මෙය වාර්තා වන අතර උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් ඇති අතර ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම මරණ සිදුවී තිබෙනවා.