පෙම්වතියටයි අම්මටයි ආයුධයකින් කොටයි – පෙම්වතාත් මරු දකී

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය පවසනවා,

ඉලවලෙයි පානිපුලම් පදිංචිකරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා,මියගිය සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු වන අතර ඔහු ප්‍රහාරයට ලක්වූ 19 හැවිරිදි තරුණිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ..

සැකකරු තරුණිය නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ දැරීමේදී ඇති වු කලබලයේදී නිවැසියන්ට ආයුදවලින් පහරදී ඇති බව සඳහන්.

තුවාල ලැබූ මව හා දියණිය ප්‍රතිකාර සදහා තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කොට ඇති අතර සැකකරු දිවිනසා ගත්තාදැයි පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!