පාලිතගේ අවසන් කටයුතු ගී ගයමින් සිදු කරයිද ?

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම අනුව පැය විසිහතරක් ඇතුළත සිදුකළ යුතු බව පවුලේ සමීපතමයන් පවසනවා.

කෙසේ වෙතත් සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත්තේ අද (17) දිනයේදීයි.

මිය යන විට තෙවරප්පෙරුම මහතා 64 වියේ පසු වුණා.

ඔහු දෙදරු පියෙක්වන අතර මීට වසර කිහිපයකට ඉහතදී ඔහුගේ වැඩිමහල් පුතු මියගියා.

පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ සිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දේහය තැන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල්ද ගෙවා ඇති බව ඔහු විසින් පසුගිය දිනවල ප්‍රකාශ කර තිබුණා.

දේහය එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනා කිරීම සඳහා ඔහු විසින් ගීතයක් ද තනා තිබූ බවත් අනාවරණය වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!