සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුවයි.
මෙම විමර්ශන එම අමාත්‍යංශය විසින් සිදු කරන බව සඳහන්.
මෙලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක්.
විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටියේ.