ත්‍රස්ත ග්‍රහණයේ සිටි ලාංකිකයින් තානාපති කාර්යාලයට

මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිටියදී මුදාගත් ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා සඳහන් කරනවා.

මියන්මාර තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා මෙම පිරිස භාරදී ඇති අතර මේ වනවිට ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඔවුන් ඉදිරි දිනවල ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!