ඇමති ආරක්ෂකයන්ගේ වාහනවලට ‘පාරේ යන හැටි’ ඉගැන්වූ පොලිස්පති

ප්‍රභූ ආරක්ෂක රථ මාර්ගයේ ගමන් කරන අවස්ථාවල දී විනයක් තිබිය යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඇමති ආරක්ෂක නිලධාරීන් අමතමින් පොලිස්පතිවරයා සඳහන් කළේ එම රථ ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් සමාජයේ ඇති අදහස වෙනස් කළ යුතු බවයි.

එමෙන්ම පසුගිය දා සිදුවූ අනතුරෙන් මියගිය ඇමති ආරක්ෂක නිලධාරියාගේ අවමංගල්‍ය උත්සවයට ගිය තමන්ට ඔහුගේ බිරිඳ සහ දරුවන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලැබුණු බවද ඔහු සඳහන් කළා.